Monday, September 5, 2016

පාසලේ ඉතිහාසය හා වර්තමානය පිළිබද කෙටි හැදින්වීමක්


ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කළාපයේ සොරණාතොට අධ්‍යාපන කොට්ඨාසයට අයත් දුන්හිද සිසිලසින් හා හරිත පැහැ බබලන්නා වූ තේ දළු නිල්ලෙන් කෙත්වතු වලින් සෝබමාන පරිසරයක බැබලෙන්නා වූ මෙම පාසල වර්ෂ 1964/10/01 දින ආරම්භ විය. ග්‍රාමීය ජනතාවගේ නැණපහන් ආලෝකමත් අදිටනින් තාවකාලික ගොඩ නැගිල්ලක ස්ථාපිත විය. මෙසේ ආරම්භ වූ මෙම පාසල දැනට අඩසියවසක් ගතවිය. මෙම කාලය තුළ සිසුන්ගේ විවිධ දක්ෂතා, හැකියා හා ප්‍රසිද්ධ විභාග ප්‍රතිපල ක්‍රමයෙ‍න් වැඩිවිය. සිසුන් පස්දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම පාසල දැනට සිසුන් 160කින් සමන්විත ය. ගුරු මණ්ඩලය 28කින් ද අනධ්‍යන සේවක මණ්ඩලය පස් දෙනෙක් ද නිරතුරුවම සේවයට කැපවී සිටිති.
අඩසියවසක සැමරුම සමරමින් පළාත තුලත් ප්‍රදේශයේ පොදු මහජනතාවගේ ජනාදරයට පත් වෙමින් දැයේ දරුවන්ගේ නැණපහන් ආලෝකමත් කරමින් ඉදිරිය කරා පියනගන මෙම පාසල පෙන්වාදිය හැකිය. 

0 comments:

Post a Comment

Tell us you feedback..